තුන්වෙනි ඒලියන් ෆිල්ම් එකෙන් පස්සේ Alien ෆ්රැන්චයිස් එකේ වයිබ් එක ටික ටික අතුරුදහන් වෙන්න ගත්තා. මොකද එතනින් පස්සේ නිර්මාණය වුනු හැම ෆිල්ම් එකක්ම වගේ Action සහ Adventure පැත්ත ටාගට් කරත් Horror පැත්ත ටච් කරේ නැති තරම්.
Prequels විදිහට නිර්මාණය වුණු Prometheus සහ Alien: Covenant සොලිඩ් ෆිල්ම්ස් දෙකක් වුණාට, මේ දෙකෙනුත් කළේ මේ අගක් මුලක් නැති විශාල විශ්වයේ මූලාරම්භය සහ ඒ තුළ කියූ mythologies වටා අපව අරන් ගිය එකයි.
හැබැයි Romulus කියන්නේ ඔබට නැවතත් පැරණි Alien වට්ටෝරුව අරන් දුන්නු, සුපුරුදු ඒලියන් රිද්මය එක්කාසු කරගත් මෑත කාලීනව හැදුණු ඉතාම සාර්ථක Sci-Fi Horror චිත්රපටයක්.
මේ ෆිල්ම් එක Alien: Resurrection වගේ කොමික් ටයිප් එකේ ඇක්ශන් මූවි එකක්වත්, Prometheus හෝ Covenant වගේ ඇඩ්වෙන්චර් මිස්ට්රි genre එකේ ඒලියන්ලගේ පසුබිම් කතාව සොයා යන චිත්රපටයක්වත් නෙවෙයි…
Romulus කියන්නේ පළවෙනි චිත්රපටයට කිට්ටු විදිහට අරන් එන Horror ෆිල්ම් එකක්. ඒ වගේම මේක පළවෙනි Alien ෆිල්ම්ස් දෙක සහ Prometheus හැරුණම නිර්මාණය වුනු එකම well made Alien ෆිල්ම් එකත් වෙනවා.
Space station එකක්, එහි අත්භූත රහස් සමග සිර වූ මිනිසුන් පිරිසක්, ඔවුන්ව එකිනෙකා දඩයම් කරන මාරාන්තික සතුන් පිරිසක් කියන මූලික Alien සිද්ධාන්තය වටා සම්පූර්ණයෙන්ම මේ ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ.
පළවෙනි Alien film එක විතරක්ම නෙවෙයි, එහි ප්රීක්වල් සහ සීක්වල් යන දෙවර්ගයෙන්ම ආභාසය Romulus එකට ෆිල්ම් එකේ ඩිරෙක්ටර් වෙන Fede Álvarez ගෙන් ලැබිලා තියෙනවා. පැරණි ෆිල්ම්ස්වලට කැමියෝස් සහ ඊස්ටර් එග්ස් පවා ඔබට හොයාගන්න පුලුවන්.
අනිත් ඒලියන් ෆිල්ම්ස්වලට වඩා වෙනස් පාරක ගිහින් මේ පාර අපිට නරඹන්න වෙන්නේ අත්දැකීම් අඩු තරුණ චරිත ටිකක්. ඔවුන්ගේ නොදැනුවත්කම නිසා කරදරේ වැටෙන විදිහ ෆිල්ම් එකෙන් ලස්සනට පෙන්නල තියෙනවා.
කාස්ට් එක වුණත් තමන්ගේ චරිතවලට හොඳ සාධාරණයක් කරලා තියෙනවා. ෆිල්ම් එකේ ප්රධාන චරිතය කාන්තාවක් වුණත්, ඇය මෑත කාලීනව සිනමා තිරයේ දකින female leads වගේ annoying woke කැරැක්ටර් එකක් නම් නෙවෙයි.
මොන දේ වරද්ද ගත්තත් විශුවල් ඉෆෙක්ට්ස්වලට සහ music වලට එද්දී ඒලියන් ෆිල්ම්ස් කවදාවත් මිස් කරගන්නෑ. මේ ෆිල්ම් එකෙත් ඒ දෙපැත්තම ටොප් නොච්. ෆිල්ම් එක පුරාම practical effects පාවිච්චි කරපු බවත් පෙනෙන්න තියෙනවා.
කොහොම වුණත් අපිටත් වඩා වයස මේ සුප්රකට සිනමාපට මාලාවට 20th Century Studio ව නම් දැන්මම නැවතීමේ තිත තියන්න සූදානමක් නැහැ. එකම දේ යලි යලි සිදුවෙන පාටක් පෙනෙන්න තිබුණත් මේ වගේ ගුණාත්මක නිර්මාණ දිගටම අරන් ආවා නම්, Alien ෆ්රැන්චයිස් එක තවත් දශක කිහිපයක් ජීවමානව තියාගන්න ඔවුන්ට පුලුවන් වේවි.
ඉතිං ඔයා තාම Alien: Romulus බලල නැත්තන් අනිවාර්යයෙන්ම බලන්න. පුලුවන් නම් තියටර් එකකටම යන්න. මොකද මේ භයානක අත්දැකීම අඩුවක් නැතුව ඒ විදිහටම ඔබට ලබාගන්න පුලුවන් සිනමාශාලාවකම පමණයි.
ආහ් තව දෙයක්… යන්න කලින් Prometheus, Covenant සහ පළවෙනි ඒලියන් ෆිල්ම් එකත් බලල යන්න. මොකද මේ ෆිල්ම් එකේ සිදුවීම් වෙන්නේ ඒ ෆිල්ම් තුනට පස්සේ.
ෆිල්ම් එකට Hype Zone අපෙන් 10 න් 8 ක් ලැබෙනවා.